මාස 3ක්‌ කටුනායක ගුවන්තොට වැසේ

කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ධාවන පථය ලබන වසරේ ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්‌වා මාස තුනක කාලයක්‌ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා වසා තැබේ.

උදැසන 8.30 සිට පස්‌වරු 4.30 දක්‌වා කාලය තුළ ධාවන පථය වසා තැබේ.

මේ කාලය තුළ විකල්පයක්‌ ලෙස මත්තල ගුවන්තොටුපළ යොදාගන්නා ලෙස අදාළ ගුවන් සේවාවලට දැනුම් දී ඇතැයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එම්. සී. නිමල්සිරි මහතා ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් රාත්‍රි කාලයේදී බණ්‌ඩාරනායක ගුවන්තොටුපළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

බණ්‌ඩාරනායක ගුවන්තොටුපළේ ධාවන පථය ප්‍රතිසංස්‌කරණය කෙරෙන්නේ වසර තිහකට පසුවය.