මඟීන් 25%කට බස් එපා වෙයි !

බස් රථවල ගමන් ගන්නා මඟීන් ප්‍රමාණය 25%කින් අඩු වී ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා පැවසීය.

2008 වසරේදී මුළු මඟීන් ප්‍රමාණයෙන් 65%ක් බස් මඟීන් වුවත්, 2016 වන විට ඒ ප්‍රතිශතය 40%ක් දක්වා අඩු වී ඇතැයිද පෙන්වා දුන් සභාපතිවරයා බස් රථවල ගුණාත්මක බව පිරිහීම හා පෞද්ගලික බස් රථ අතර මඟ බොහෝ වේලා නවතාගෙන සිටීම නිසා මඟීන් මෙසේ බස්රථවලින් ගමන් කිරීමෙන් ඉවත්ව, පෞද්ගලික වාහන කෙරෙහි ඇදී ගොස් ඇතැයි කීය.


බස් රථ අතර තරගකාරී ස්වභාවය හා මඟීන්ට සේවය සපයනවා වෙනුවට ආදායම පමණක් මුල් කර ගැනීම හේතුවෙන් මඟීන්ට බස් රථ එපා වී ඇතැයිද පෙන්වා දුන් ඒ මහතා සහසර ව්‍යාපෘතිය තුළින් මේ ගැටලුවලට විසඳුම් ලබා දී තදබදය වැඩි වේලාවන්හිදී පෞද්ගලික වාහන මාර්ගයට අවතීර්ණ වීම අඩු කිරීමට හැකිවනු ඇතැයිද ප්‍රකාශ කෙළේය.