තෙවරප්පෙරුම ආණ්ඩුවෙන් ඉවත්වෙනවාලු

මීගහතැන්න ප්‍රාථමිකයට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණයකට එරෙහිව මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ කළ විරෝධතාවට අද පිිළිතුරක් ලබා නොදෙන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ඔහු පවසයි.

මෙම විරෝධතවයට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියි.

එසේම තමන් සමග පාලින්ද නුවර, වළල්ලාවිට, නියාගම, මඳුරාවෙල ප්‍රාදේශීය සභා හිටපු විපක්ෂනායකවරුන්ද යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ද ඔහු කියයි.

මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය අසල ආරම්භ කළ උද්ඝෝෂණය ඊයේ උදෑසන සිට මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය විය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පැවසුවේ, අදාළ බලධාරීන් ඊයේ දහවල් වනතුරුත් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, ඉල්ලීම් ඉටු වනතුරු මෙම මාරාන්තික උපවාසය අත් නොහරින බවත්ය.

මෙම විරෝධතාව පෙරේදා අාරම්භ කළේය.